Type Here to Get Search Results !

දේවානිගේ සහයට සජිත් එයි?


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට සිය ප්‍රශංසාව පළ කොට තිබේ.

ඒ, පසුගිය දිනක පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ හටගත් උණුසුම්කාරී වාතාවරණය පිළිබඳ අදහස් දක්වමිනි.

අද (13) දින සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ දේවානි ජයතිලක මහත්මියගේ පරිසරය රැක ගැනීමෙහි අප්‍රහිත ධෛර්‍යය ඇගයීමට ලක් කළ යුතු බවයි. අපගේ පරිසර පද්ධතීන් වල අත්‍යාවශ්‍ය අංගයක් වන කඩොලාන පරිසර පද්ධතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ඈ නැඟූ හඬ අභියස සියළු දෙනා ඈ සමඟ අත්වැල් බැඳ ගන්නා බවට හෙතෙම පවසා සිටියේය.




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads