Type Here to Get Search Results !

කොරෝනා ලෝක වාර්තාවක් තබයි


කොවිඩ් නයින්ටීන් (Covid-19) වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුලදී මියගිය වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.

ඒ, අනුව ඊයේ දිනයේදී චීනයේ හුබෙයි ප්‍රාන්තයේදී නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් 242 ක් ජිවිතක්ෂයට පත්වූ බවයි විදෙස් වාර්තා කරන්නේ.

මේ වන විට මෙම වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1357 ක් වන අතර ඉන් 1355 ක් වාර්තා වන්නේ චීනයෙන්.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදුණු පුද්ගලයින් 14,840 ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති අතර ඒ සමග ලොවපුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 60,015 ක් දක්වා ඉහළ යනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads