පුද්ගලයින්ගේ කැස්ස සහ හඬ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පුරෝකථනය කළ හැකි මෘදුකාංගයක්(ඇප්) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල දෙකක් විසින් අරඹා තිබෙනවා.
පුද්ගලිකත්වයට සම්බන්ධ එකිනෙකට වෙනස් ප්‍රවේශ දෙකක් ඔස්සේ ක්‍රියාත්මත මෙම ව්‍යාපෘති එකිනෙක අතර සම්බන්ධතාවකින් තොරව ක්‍රියාවට නැංවෙනවා.
මින් එක් ව්‍යාපෘතියක් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාවට නංවා ඇති අතර අනෙක් ව්‍යාපෘතිය අමෙරිකාවේ කානෙජි මෙලෙන් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනවා.
ව්‍යාපෘති දෙකටම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගන්නා අතර වෛරසය සම්බන්ධයෙන් දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කර එහි යම් රටාවක් සොයා ගැනීම මඟින් ගැටලු විසඳාගැනීම අපේක්ෂාවයි.
මෙහි මූලික අරමුණ වන්නේ උණ ඇතුළු වෙනත් රෝගවලින් කොවිඩ් – 19 වෙන්කර හඳුනාගැනීම වනවා.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මෙහෙයවන ව්‍යාපෘතියට අදාළ දත්ත රැස්කර ගැනීම සඳහා මහජනතාවට ආරාධනා කර ඇති අතර ඔවුන්ගේ ශ්වසනය සහ කැස්ස සම්බන්ධ දත්ත මයික්‍රොෆෝනයක් මගින් පරිගණකයට ඇතුළත් කෙරේ.
එම දත්ත දායකයින්ගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය, පදිංචි ප්‍රදේශය මෙන්ම කොරෝනා වෛරසය ඔවුන්ට ආසාදනය වී ඇති බවට මෑතකදී පරීක්ෂාවන් සිදුකර ඇත්දැයි යන තොරතුරු ද මෙහිදී ලබාගැනෙනවා.
මෙසේ ප්‍රමාණවත් පරිදි ලබාගත් දත්ත ඇසුරෙන් වෛරසය ආසාදිත පුද්ගලයින් සහ ඔවුන් රෝගයේ කවර අදියරේ සිටින්නේ ද යන්න හඳුනාගන්නා බව මහාචාර්ය සෙසිලියා මස්කෝලෝ පවසනවා.
මෙම ව්‍යාපෘතිය පසුගිය අඟහරුවාදා ආරම්භ කළ අතර පළමු දිනයේදී පුද්ගලයින් 1200 දෙනෙකු තොරතුරු ලබා දීමට සහභාගි වී තිබෙනවා.
ඔවුන් අතරින් 22 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයෝයි.
මාස 2 ක් තුළ මෙම ඇප් එක එළිදැක්වීමට කේම්බ්‍රිජ් පර්යේෂකයෝ අපේක්ෂා කරනවා.