Type Here to Get Search Results !

ගමක් ලොක්ඩවුන් කරයි


කොරෝනා වයිරසය ආසාදනය වූවකු සංචාරය කිරීම හේතුවෙන් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතටයාම ඊයේ (08) සිට තහනම් කර ඇතැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.
තාරපුරම් ගම්මානයේ අවමගුලක් සඳහා කොරෝනා වයිරසය ආසාදානය වූ අයෙකු පුත්තලම සිට පැමිණි බවට අනාවරණයවීම හේතුවෙන් තාරාපුරම් ගම්මානය මෙලෙස හුදකලා කර පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම හා නිවැසියන්ට නිවාසවලින් පිටතට පැමිණීමද තහනම්කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා.
ඉන්දුනීසියාවේ සංචාරය නිරතව පැමිණ නිවසේ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම්දී තිබූ පුද්ගලයකු පසුගිය 18 වැනිදා තාරාපුරම් ගම්මානයේ අවමගුල් උත්සවයකට සහභාගීවී ඇති අතර පසුගියදා (07) ඔහුට වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ වන විට තාරාපුරම් ගම්මානයට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි අයුරින් පොලිසිය හා යුද හමුදාව එක්ව මාර්ග බාධක හතක් යොදා ගම්මානයට ඇතුළුවන මාර්ග සියල්ල වසාදැමූ බව මන්නාරම පොලිසිය පැවසුවා.
ගම්මානයේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම මන්නාරම ප්‍රාදේශිය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරන අතර එම ගමන්ගන්නා සියලු රථවාහන විෂබීජහරණය කොට ඇතුල්වීමට හා පිටවීමට අවශ්‍ය පහසුකම් සලසාදී ඇති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads