Type Here to Get Search Results !

කෙරවලපිටියේ සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයේ දෙදෙනෙකුට කොරෝනා – 37ක් නිරෝධායනයට යවයි


සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය අධිකාරියේ අධික්ෂණය යටතේ වත්තල  ප‍්‍රාදේශිය කොට්ඨාසයට අයත් කෙරවලපිටියේ පවත්වා ගෙන යන සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයේ සේවයේ නියුතුව සිටි තවත් සේවකයන් 37 දෙනෙකු නිරෝධායනය සදහා වැලිසර ලය රෝහල් පරිශ‍්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා සඳහන් කළා.
advertisement
ගෙවුණ සතියේ මෙම ස්ථානයේ සේවයේ නියුතුව සිටි සේවකයන් දෙදනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වු අතර ඊයේ දින (07) තවත් සේවකයෙකු සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා රෝහල්ගත කිරිමෙන් අනතුරුව මේ තිරණය ගත් බවද ඒ මහතා පැවසුවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads