Type Here to Get Search Results !

අභිරහස් ලෙස සියඹලාණ්ඩුව මූල්‍ය සමාගමක කළමණාකරුවෙක් මියයි - කොරෝනා දැයි සැකයක්


සියඹලාණ්ඩුව නගරයේ පුද්ගලික මූල්‍ය සමාගමක ශාඛා කළමනාකරුවෙකු ඉකුත් (6) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව රෝහල පිටුපස මාර්ගයේ අංක 1/22 පදිංචි පොල්වත්තගේ යසස්ද අල්විස් (39) නැමති සිව්දරු පියෙකි.
හදිසියේ රෝගාතුරුවී ඇති හෙතෙම එදින පෙරවරු 11.30 ට පමණ සියඹලාණ්ඩුව රෝහල ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.

advertisement
ඔහුගේ මුඛයෙන් සෙම මතුවී තිබුණත් කෘමිනාශක වල්නාශක හෝ වෙනත් වස වර්ගයක් පානයකැර ඇති බවට මතුපිටින් පෙනෙන්නට නොතිබුණු බව සියඹලාණ්ඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ධම්මික දිසානායක මහතා පැවසීය.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (7දා) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මොනරාගල අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍යඑච්.ආර්.එන් යාපා  මහතා විසින් පවත්වන ලදි.

මෙහිදී මරණයට හේතුව අනාවරණය නොවූයෙන් මෘතදේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකැරිණි. සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත්වරයි  විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads