පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගේ කණ්ඩායම් දෙවැනි ප්‍රහාරයකට සූදානම් වී ඇති බව වාර්තා වෙනවා.
ඒ, අනුව ඔවුන් එම ප්‍රහාරයට මාලදිවයිනේ සිටින අයි.එස්. කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට කළ සැලසුමක් ගැන ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව විමර්ශන කිරීමට CID ය කටයුතු ආරම්භ කර තිබෙනවා.
මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක් කළ පසුව එම කණ්ඩායම්වලට මෙරටදී රැකවරණය දී මෙරට අන්තවාදී ප්‍රහාර සඳහා යොදවා ගැනීම ගැනද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.
මාලදිවයින් අන්තවාදීන් හා සහරාන් පිලේ සාමාජිකයන් 2017 වසරේදී එකට හමුවීමෙන් පසු මාලදිවයින් අන්තවාදීන් මෙරටට පැමිණි බවද හෙළි වී තිබෙනවා.


