Type Here to Get Search Results !

යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශය මෙන්න


පාසල් යළි ආරම්භ කිරීමෙන් පසුවද නැවත දැනුම් දෙනතුරු රැස්වීම්, ප‍්‍රදර්ශන, කී‍්‍රඩා උත්සව ආදී සමූහික කටයුතු අවලංගු කර තිබෙනවා.
ඒ, අනුව පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ අතුරු මාර්ගෝපදේශය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට මෙන්ම අනෙකුත් ආරක්‍ෂිත ක‍්‍රමවලට අනුගත වීමට හැකි නම් පමණක් රැස්වීම් පැවැත්වීමේ හැකි අතර ඒ, පාසල් සිසුන්ට හෝ කාර්ය මණ්ඩලයට අත්‍යවශ්‍ය පණිවිඩ බෙදාහැරීමට පමණයි.
කෙසේ වෙතත් ශාරීරික දුරස්ථභාවය පවත්වා ගනිමින් සිදුකරන ව්‍යායාමවල නිරත විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසන්නේ.
එමෙන්ම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු කිසිදු ආකාරයේ කී‍්‍රඩාවක ළමුන් නිරත නොවිය යුතු බවද අතුරු මාර්ගෝපදේශයේ සඳහන්.
මේ අතර පාසලට ඇතුළු වන සෑම අයෙකුම පරීක්‍ෂා කිරීම සඳහා ගේට්ටුව අසල පරීක්‍ෂකයෙකු යෙදිය යුතු වනවා. මෙහිදී සැක සහිත රෝග ලක්‍ෂණ ඇති අයෙකු හමු වුවහොත් එම පුද්ගලයා නැවත නිවසට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කරනු ලබනවා.
advertisement
එමෙන්ම පාසල් ගේට්ටු අසල කිසිදු මව්පියෙකු එක්රැස් නොවිය යුතු බවද අවධාරණය කර තිබෙනවා.
නිවසේ සිට පාසලට පැමිණ නැවත නිවසට යන තෙක් සෑම අයෙකුම මුඛ ආවරණයක් පැළදීම යුතු අතර ගුරුවරුන්, සිසු දරුවන් සහ අනෙකුත් පාසල් කාර්ය මණ්ඩල පිළිබද හදිසි ඇමතුම් සබදතා සහ පෞද්ගලික තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් ද පවත්වා ගත යුතු වෙනවා.
මේ අතර පාසලට ඇතුළුවීමට පෙර ගේට්ටුව අසල දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව, පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ අතුරු මාර්ගෝපදේශයේ ඇතුළත්.
පාසල ආරම්භ කිරීමේ වේලාවට පෙර දිනපතා පාසල් ගොඩනැගිලි, පන්ති කාමර, පඩිපෙල පිරිසිදු කිරීම හා විෂබීජහරණයද කළ යුතුයි. පොදුවේ භාවිතා කරන දොරටු හැකිතාක් විවෘතව තැබීම යෝග්‍ වන අතර එමඟින් දෑත්වලින් දොරටු ස්පර්ශවීම අවම කර ගත හැකියි.
පාසල් විවේක කාලය ලබාදීම, පන්ති කාමරයෙන් බාහිරව සිදුකරන කටයුතුවලදී එක් එක් ශ්‍රේණි සදහා විවිධ වේලාවන් භාවිත කළයුතු වනවා. එමගින් විශාල ළමුන් ප‍්‍රමාණයක් එකතැන රැස්වීම වළක්වා ගත හැකියි.
කෙසේ වෙතත් පාසල් ආරම්භ වන දිනයක් මේ වන තෙක් ප‍්‍රකාශ කර නොමැති අතර පළාත් මට්ටමින් ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කළ යුත්තේ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගෙන් යුත් කමිටුවක් විසින්.
මුලින්ම ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත කරන බවත් එවැනි ළමුන් සිටින සියළු පාසල් එකම දිනක ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ.
පාසල් විවෘත කිරීමට අදාළ තීරණය හෙටින් ආරම්භ වන සතිය තුළ ගැනීමට නියමිතයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads