Type Here to Get Search Results !

පාසල් විවෘත කිරීම පිළිබදව අළුත්ම නිවේදනය


ජාතික මට්ටමේ නිර්දේශ මත පළාත් මට්ටමින් පාසල් නැවත විවෘත කිරීම පිළිබද අවසන් තීරණය ගැනීමේ බලය විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් පළාත් කමිටුවක් වෙත පවරා තිබෙනවා.
advertisement
ඒ අනුව ඊට අදාළ චක‍්‍රලේඛය ලබන සදුදා පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ ජාතික පාසල් විදුහල්පතිවරුන්ට යැවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, දිස්ති‍්‍රක් ලේකම් සහ අනෙකුත් නිර්දේශිත නිලධාරී කමිටුවක් විසින් පාසල් නැවත විවෘත කිරීමේ අවසන් තීරණය ගනු ලබනවා
පසුව පළාත් කමිටු විසින් පළමුව විවෘත කළ යුතු පාසල්, විවෘත කරන දිනය, මුලින් ආරම්භ කරන ශ්‍රේණි, පාසල් සතියකට විවෘත කරන දින ගණන, පාසල් ආරම්භ වන සහ අවසන් වන වේලාව තීරණය කරනු ඇති.
වෛරස් ආසාදනය වලක්වා ගැනීමේ කි‍්‍රයාවලිය පිළිබද සලකා බැලීමෙන් අනතුරුව එම කමිටුවලින් ප‍්‍රමුඛතාවය ලබාදීමට නියමිතව ඇත්තේ පළමුව 10, 11, 12 සහ 13 ශ්‍රේණි විවෘත කිරීම පිළිබදවයි

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads