Type Here to Get Search Results !

මහ මැතිවරණය කල්යයි


ඉදිරි මහ මැතිවරණය ජූලි මස දෙවැනි සතියේ පමණ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

advertisement
ඊට පෙර නැවත වරක් කොමිසම විසින් වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්ටුව අවලංගු කරන ලෙසත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත් ඉල්ලා දැනටමත් අධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම් තිබියදී මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇත්දැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දුන් සභාපතිවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් නොකළොත් එම කටයුතු දිගටම අඛණ්ඩව සිදුකරන බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads