Type Here to Get Search Results !

ඊයේ දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා රෝගීන්ගේ තොරතුරු මෙන්න


මෙරටින් අවසන් වරට ඊයේ දිනයේ හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 11 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 835ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

advertisement
මේ වන විට ආසාදිතයින් 571 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුව වු සංඛ්‍යාව 255ක් වන අතර මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09ක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.

දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, ඊයේ දිනයේ වාර්තා වු සියලු නාවිකයින් වැලිසර නාවි ක හමුදා කඳවුරේ සාමාජිකයින් බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads