Type Here to Get Search Results !

විවාහ උත්සව සඳහා පැනවූ අලුත් නීති මෙන්න


මනාල යුවළ ඇතුළු අමුත්තන් සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් මංගල උත්සව පැවැත්වීමේ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
advertisement
කොවිඩ් 19 වෛරසය පැතිරීම ආරම්භ වීමට ප්‍රථම මංගල උත්සව ශාලාවලට ඇතුළු කළ අමුත්තන් සංඛ්‍යාවෙන් අඩක් උත්සව ශාලාවට ඇතූළු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් පවසනවා.
උත්සව ශාලාවට පැමිණෙන අමුත්තන් මුඛ ආවරණ පැලඳිය යුතු අතර අමුත්තන් මීටරයක දුරක් පවත්වාගෙන යා යුතු වනවා.
සියලුදෙනාගේ උෂ්ණත්වය ශාලාවට ඇතුළු වීමට පෙර පරීක්ෂා කළ යුතුයි.ශාලාවට ඇතුළු වන ස්ථානයේ ජල කරාම සවි කර තිබිය යුතු බවද සෞඛ්‍ය නිර්දේශවල සඳහන් වනවා. මංගල උත්සවය පැවැත්වීමට පෙර සහ පසුව ශාලාව මෙන්ම සියලු උපකරණ ජීවානුහරණය කළ යුතුයි.
වීදුරු, පිඟන් හැඳි ආදිය අමුත්තන් අතර හවුලේ භාවිත නොකළ යුතු අතර බුෆේ හෝ ස්වයං සේවා ආකාරයට ආහාර බෙදාදීම සඳහා වෙනත් සේවකයකු පත් කළ යුතුයි.එමගින් කිහිපදෙනෙක් එම උපකරණ පරිහරණය කිරීම වළකින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.කණ්ඩායම් වශයෙන් එක් වී ඡායාරූප ගැනීමද තහනම් වනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads