Type Here to Get Search Results !

අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට සූදානම්


සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පාසලට ඇතුළු වන විට සෑම දරුවකුගේම ශරීරයේ උෂ්ණත්වය මැනීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා මාර්ග රැසක් ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර දී සඳහන් කළා.
මාතර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වලට ජීවානූහරණ උපකරණ බෙදා දීම සදහා මාතර මහ නගර සභාවේ පැවති උත්සවයක දී ඒ මහතා ඒ බව කියා සිටියේ අදියර හතරක් යටතේ පාසල් විවෘත කරන බවයි.
advertisement
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා මෙසේද සඳහන් කළා.
“11 වැනිදා පාසල් ආරම්භ කිරීමට සැලසුම් සකස් කලත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අපිට එය කරන්න නොහැකි වුණා.ඉදිරියේදී වුවත් පාසල් ආරම්භ කරන්නේ සෞඛ්‍ය අංශයේ නර්දේශය මත පමණයි.ඒ තීරණය ගන්නේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස මා හෝ අධ්‍යාපන අමාත්‍යාංශය නොවෙයි.ඒක දේශපාලන තීරණයකුත් නොවෙයි.
සෞඛ්‍ය නිර්දේශය මත වුවත් අදියර හතරක් යටතේයි පාසල් විවෘත කරන්නේ.පාසල් ආරම්භ කරන්න පෙර දිවයිනේ සෑම පාසලක්ම ජීවානූහරණය කිරීමට පලාත් පාලන ආයතන කටයුතු කරනවා.සෞඛ්‍ය නිර්දේශ මත පාසල් විවෘත කිරීමට දිනය ප්‍රකාශ කල පසු පලමුව අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසල් වලට කැදවනවා.ඉන් අනතුරුව උසස් පෙල හා සාමාන්‍ය පෙල දරුවන්ට පාසල් ආරම්භ කරනවා.
ඊටත් පසුවයි කුඩා දරුවන් කැදවන්නේ.සෑම දරුවකුම අත් සෝදා පාසලට ඇතුළු කර ගන්න පහසුකම් සලසනවා.ඒ වගේම දරුවන්ගේ ශරීරයේ උෂ්ණත්වය මැනීමේ උපකරණත් පාසල් වලට බෙදා දෙනවා.ඒ සදහා දෙමාපියන් ගේ සහයෝගයත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග වලින් පසුවයි පාසල් දරුවන් වෙනුවෙන් විවෘත කරන්නේ.
ඒ වගේම දිස්ත්‍රික්කයක් ලෙස මාතර දිස්ත්‍රික්කය මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දුන්නා.ඒ නිසා ආසාධිතයින් දෙදෙනෙකු විතරයි මාතරින් වාර්තා වුනේ.රටක් විදියටත් සාර්ථකව මේ ව්‍යසනයට මුහුණ දුන්නා.මිලියන 22 ක් ඉන්න අපේ රටේ නව දෙනයි මිය ගියේ.නමුත් ශ්‍රී ලාංකිකයින් ලක්ෂ පහක් ඉන්න එංගලන්තයේ පවා ලාංකීකයින් 28 ක් මිය ගියා.
එතකොට පේනවා ජීවත් වීමට සුරක්ෂිත රට කුමක්ද කියලා.ලෝකයේ බලගතු රටවලට ජය ගන්න බැරි වු කොරෝනා ව්‍යසනයට අපේ පුංචි රට සාර්ථකව මුහුණ දුන්නා.ඒ සදහා කැපවීම් කල ආරක්ෂක අංශයට වගේම සෞඛ්‍ය අංශයටත් රජයටත් අපේ ප්‍රණාමය හිමි විය යුතුයි”



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads