හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින් සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් හා සමීපතමයින් කිසිවකුටත් කොරෝනා වෛරසය වැළඳී නොමැති බව කරන ලද PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන බව එහි ප්‍රධාන ස්ථානභාර වෛද්‍ය නිළධාරී සංදීර ජයකොඩි මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොලිස් වෛද්‍ය කොට්ඨාශය මඟින් පාලනය වනු ලබන මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නාවික හමුදා පවුල් තිස්දෙකකට (32) අයත් පුද්ගලයින් එකසීය විසිතුනක (123) පරිසක් නිරෝධායනය වෙමින් සිටි අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා සියල්ලෙහි ප්‍රතිථල ශුන්‍ය බව සඳහන්.
මෙම පී.සී.ආර්. පරීක්ෂණ සියල්ලම හික්කඩුව ආරච්චිකන්ද රජයේ රෝහලේ ස්ථානභාර වෛද්‍ය දර්ෂණ අනුරාධ මහතා ඇතුලු එම රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සිදුකර තිබුණා.


