අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු ළගින් ඇසුරු කළ පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවා.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 563 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ප්‍රතිකාරවලින් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 232ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9ක් ද වාර්තා වුණා.
එමෙන්ම ඊයේ දිනයේදී පී සී ආර් පරීක්ෂණ 1,147ක් සිදුකර ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.


