Type Here to Get Search Results !

ගම්පහ ගම්මාන 03ක් ලොක්ඩවුන්.. - මෙන්න ඒ ගම්මාන


ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මාලිගාතැන්න, එළුවාපිටිය හා හූරිකඩුව යන ගම්මාන අධි ආරක්ෂිත කලාප බවට පත් කර ඇත.

දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් තිස් හත් දෙනකු වසා වාර්තා වීම නිසා මෙම පියවර ගත් බවයි.

ඒ අනුව මෙම ගම්මාන තුනට අයත් ග්‍රාම නිලධාරී වසම් 07ක් වෙත ඇතුළු වීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවද දිසාපතිවරයා කියා සිටියේය.

වාර්තා වූ ආසාදිතයන් අතර විහාරස්ථානයක හිමිවරුන් සිව්නමක්ද වෙයි.

මේ අතර ගම්පහ මහ රෝහලේ දැඩිසත්කාර එ්කකයේ සේවය කරන සුළු සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

මොහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩිස් කර්මාන්තශාලාවේ වාර්තා වූ ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතෙයකි.

මෙම ආසාදිතයා වාර්තා වීමත් සමග එම රෝහලේ හත් දෙනෙකු නිරෝධයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම හැත්තෑවක් පමණ දෙනාට කොරෝනා පරීක්‍ෂණ කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads