Type Here to Get Search Results !

ශ‍්‍රීපාද විද්‍යා පීඨය වසා දමයි.. නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි..


අධයාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය (11) දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපන ලැබු ගුරු පුහුණුව ලබමින් සිටි සිසු සිසුවියන් 582 කට (11) දින සිට නිවාඩු ලබා දි ඇත.

නිවාඩු ලබාදුන් එම විද්‍යා පිඨයේ සිසු සිසුවියන්ට ඔහුන් පදිංචි ආසන්නම නගර දක්වා බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර, විද්‍යා පිඨයට ආසන්නයේ පදංචි එම විදයාලයේ අධයාපනය ලබමින් ගුරු සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් පෞද්ගලික වාහන වලින් එම සිසු සිසුවියන් නිවස වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුහ.

advertisement
ශ්‍රි පාද  ජාතික විද්‍යා පිඨයේ නිල නිවාස වල පදිංචි අචාර්යවරුන්ට සහ අනද්‍යන කාර්ය මණ්ඩලයටදට  තාවකාලිකව විදයා පිඨයෙන් ඉවත් වන ලෙස යුධ හමුදාව විසින් උපදෙස් ලබා දි ඇත.

ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය තුල 250 දෙනෙකුට පමණ නිරෝධායන සදහා පහසුකම් සලසා ඇති බවයි එම විද්‍යා පිඨයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව කටයුතු කරන යුධ හමුදා නිලධාරින් කියා සිටියේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads