රද්දොළුගම, දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වු පිරිසගෙන් 12 දෙනෙකු මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ පසුගිය 12 වන දින සිදුකරනු ලැබූ බව රද්දොළුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක සුනෙත් රණවීර මහතා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“දැනට 12 දෙනෙක් විතර පොසිටිව් වෙලා අපි ඒ පිරිස රෝහල් ගත කරලා තියෙනවා. මේ වෙද්දි ඒ ගෙවල්වල අනෙක් පිරිස නිරෝධායනය වෙමින් සිටිනවා. ඒ අයව ඉදිරියේ දී අපි පීසීආර් පරීක්ෂණ සඳහා භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. පොසිටිව් වු පිරිසෙන් සිව් දෙනෙක් රද්දොළුගම ස්කීම් එකේ ඉන්නවා. ඉතුරු පිරිස ගල්ලවත්ත, මුතුවාඩියපාර යන ප්‍රදේශවල. නිවස සංකීර්ණයේ පවුල් දෙකක් සිව් දෙනෙක් ඉන්නවා.“ යනුවෙන් ද සඳහන් කළා.