Type Here to Get Search Results !

බ‍්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ..- සංගමය කියයි..


ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ගෙන්වන ලද ඔවුන්ගේ සේවකයන්ගෙන් කිසිවෙකු තමන් යටතේ නිරෝධායන වී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සඳහන් කරති.

advertisement
ඩේලි මිරර් පුවත්පත වෙත මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ගෙන්වන ලද සේවකයන් මුල් දින 14 හෝටලයක නිරෝධායන වූ බව පැවසුවද ඊළග දින 14 ක කාලය ස්වයං නිරොදායනය විය යුත්තේ තම නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බවයි.

නමුත් එම කිසිවෙකු දෙවන දින 14ක කාලය ස්වයං නිරෝධායනය තම සංගමය යටතේ සිදු වී නැති බවද සංගමය අවධාරණය කර ඇත.

එමෙන්ම ඩේලිමිරර් පුවත්පත එසේ පැමිණි සේවකයන් ගැන තොරතුරු මත්තල ගුවන්තොටුපල හා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉල්ලා සිටියද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල බවද වාර්තා කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads