Type Here to Get Search Results !

ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ..


ශ්‍රී ලංකාව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නමුත් රට පුරාම පුද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යා හැකි යැයි ද ඔහු පවසයි.

පවත්වාගෙන යන ඕනෑම ආයතනයක සිටින සේවකයන් සංඛ්‍යාව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් නිර්දේශ කරනු ඇති බවත් ඒ අනුව සේවක සංඛ්‍යාව පවත්වාගෙන යා යුතු බවත් ඔහු පැවසීය.

සියලුම සේවකයන්ගේ වරින්වර උෂ්ණත්වය පරික්ෂා කළ යුතු බවත්, දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බවත්, සියලු දෙනාම මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්, දෑත් සේදීමේ ස්ථාන ස්ථාපිත කළ යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads