Type Here to Get Search Results !

තිස්සමහරාමයේ අයෙකුට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී..


හම්බන්තොට රෝහලට ඇතුළත් කරන ලද තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධිත යැයි හඳුනාගෙන ඇත.

ඔහු නිරෝධායනයට ලක් කර සිටියදී වෙනත් රෝග ලක්ෂණ කියමින් රෝහල් ගත වී ඇති අතර පසුව සිදුකරන පරීක්ෂණවල දී ඔහු කොරෝනා ආසාදිතයෙක් යයි හෙලි වී වී ඇත.

මෙම පුද්ගලයා යාල ජාතික වනෝද්‍යානය අසල හෝටලයක සංචාරක මගපෙන්වන්නකු ලෙස සේවය කරන්නෙකි.

සෞඛ්‍ය අංශ සැක කරන්නේ ඔහුට වෛරසය එම සංචාරකයන් හරහා ආසාදනය වන්නට ඇති බවයි.

ඔහු සහභාගි වූ විවාහ මංගල උත්සවයකට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පිරිසක් පැමිණ ඇතැයිද හෙලිව තිබේ.

ඔහු සමඟ සමීපව කටයුතු කළ ආයතන සේවකයන් හා පිටත පුද්ගලයන් නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads