Type Here to Get Search Results !

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශ නිලධාරියෙකුටත් කොරෝනා


පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවත් එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවට හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සඳහන් කර සිටිනවා.

මෙම පොලිස් නිලධාරියා පාර්ලිමේන්තු සංකීර්ණය සමග සෘජු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads