පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී අධික වේදනාවක් දැනෙන බවට පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු ද මේ වනවිට පීසීආර් පරීක්ෂණයකට ලක්ව සිටිනවා.
ඊයේ (14) රාත්‍රීයේ පුද්ගලික නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළා.
“ලෝකයේ පීසීආර් පරීක්ෂණ මිලියන ගාණක් කරලා තියෙනවා. මේක එහෙම වේදනා දෙන එකක් නෙමෙයි. ඒකට හේතුව තමයි මමත් පීසීආර් පරීක්ෂණයට ලක්වෙලා තියෙනවා. යම් කිසි අපහසුතාවයක් තියෙනවා. පොල් කෙන්දක් නහයේ දැම්මත් පොඩි අපහසුතාවයක් තියෙනවානේ. නමුත් ඒක දරා ගන්න බැරි එකක් නෙමෙයි. බය වෙන්න කාරණාවකුත් නෙමෙයි. බොහෝම සරල ක්‍රියාවක්. ඇත්තටම මම ඒක කරේ මේ කාරණයේ ඇත්ත නැත්ත හොයා ගන්න ඕන නිසා. එහෙම නැතුව මට රෝගය ගැන සැකහිතිලා නෙමෙයි. පීසීආර් පරීක්ෂණයට සාම්පල් එක අරගෙන මම බැලුවා.”