කොවිඩ් මර්දනයට ජීවිත කැප කරන තවත් සුව විරුවෙක් ඊයේ (16) ජාතියට අහිමි විය.
වෛද්‍ය සයිඩ් රෆයිඩීන් මහතා තමන්ගේ සේවා කාලය අවසන් කර විශ්‍රාම සුවයෙන් සිටිය කෙනෙකි.
ඒත් කොවිඩ් තත්ත්වය උග්‍ර වීමත් සමග වෛද්‍ය කාර්ය මණ්ඩලවල අඩුව පිරවීමට ඔහු නොපැකිලිව යළිත් සේවයට එක්වුණේ, විශ්‍රාම සුවය අතහැර අපේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නය.
62 හැවිරිදි ඔහු කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටියේ ය.
කොවිඩ්වලින් ජීවිත බේරගන්න ජීවිය පරදුවට තැබූ වෛද්‍ය සයිඩ් රෆයිඩීන් මහතාටත් කොවිඩ් මාරායාට බිළිවෙන්න සිදු විය.
වෛද්‍ය සයිඩ් රෆයිඩීන් දේහය ඔට්ටමාවඩි කොවිඩ් සුසාන භූමියේ මිහිදන් කෙරුණේ, කොවිඩ්වලින් මිය ගිය මෙරට සිව්වැනි වෛද්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වෙමිනි.