Type Here to Get Search Results !

මා මෝඩයෙක් නොවේ.. මට පිස්සු නෑ… බන්ධනාගාරවලට ගියා තමයි..- ලොහාන් මාධ්‍ය අමතයි..


තමන් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ගිය බවත් සත්‍ය බවත් නමුත් ඒ තුළට කාන්තාවන් සහ මිතුරන් ගෙන යෑමක් හෝ සිරකරුවන්ට තර්ජනය කිරීමක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එම බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවක් සඳහා පෙර දැනුම්දීමකින් තොරව තමන් එහි ගිය බවද ඔහු කියා සිටී.

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ට තමන් තර්ජන නොකළ බව පැවසූ ඔහු එසේ කරන්නට තරම් තමන් මෝඩයකු නොවන බවද සාමාන්ය පරීක්ෂණයක් සඳහා පමණක් එහි ගිය බවත් ඔහු පවසයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස නැරඹිම සදහා තමා සාමාන්‍ය පරීක්ෂණයක් ලෙස සහභාගී වූ නමුත් බීමතින් නොසිටි බවත් මිතුරන් හෝ කාන්තාවක් ඒ සමග එක් නොවූ බවත් ඔහු කියයි.

විෂයභාර අමාත්‍ය වරයා ලෙස තමන්ට රට පුරා ඇති බන්ධනාගාර විසිනවයක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට දිවා රාත්‍රී ඕනෑම වෙලාවක යාමට හැකි බවත් තමන් කිසිවකුට නොදන්වා එහි ඇතුළු වන්නේ ඒවායේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බවත් ඔහු සදහන් කලේය.

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැහැදිලි කරන බවත් පවසන ඔහු මැණික් සහ ස්වර්ණාභාරන ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරි කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග අදහස් පල කරමිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads