අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසන් නිකුත් කරන ලචද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරයි
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර වේ.
උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක හෝ වෙනත් කිසිදු තනතුරක් දරන්නේ නැත.
කැකිරාව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වයි.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්