Type Here to Get Search Results !

බිරිද ගෙට දමා දොර වසා සැමියා ගිනි තියයි…


 තම බිරිඳ නිවස තුළ දමා සිරකර එම නිවසට ගිනි තබන ලද පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කලුතර ගමගොඩ රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කරන්නේ දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුල් පැවති ඇති බවයි.

ඊයේ පස්වරු මෙම පුද්ගලයා බීමතින් පැමිණ තම බිරිඳ නිවසේ සිටියදී දොරවසා ඊට ගිනි තබා ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.

ගිනිතැබීමෙන් නිවසේ කොටසට හානි සිදු වී ඇති නමුත් කාන්තාව නිවසින් එලියට පැමිණ පොලිසියට පැමිණිලි කර තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads