Type Here to Get Search Results !

තවත් පිරමිඩ තහනම් කරන්න මහබැංකුව සූදානම්…

දැනට තහනම් කර ඇති පිරමීඩ අයෝජන ක්‍රමවලට අමතරව තවත් පිරමීඩ ක‍්‍රම තිබිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ඒ ගැන සමීපව විමර්ශනය කරමින් සිටින බවත් මහ බැංකුව සදහන් කරයි.

ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාද අවස්ථා සඳහා මෙම ආයතන අනුග්‍රාහකත්වය දැක්වමින් යහපත් ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සාහ ගන්නා බව ද මහ බැංකුව කියා සිටී.

නමුත් ඊට නොරැවටෙන ලෙසද තම මුදල් රැකගන්නා ලෙසත් මහ බැංකුව මහජනතාවට අවවාද කරයි.

පිරමීඩ යෝජනා ක්‍රම 8ක් පිළිබඳව මහ බැංකුව විසින් මහජනයා දැනුවත් කර ඇතත් එම ලැයිස්තුවේ දැනට ඇති සියලුම පිරමීඩ යෝජනා ක්‍රම අඩංගු නොවිය හැකි බව ද මහ බැංකුව තවදුරටත් කියා සිටී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads