Type Here to Get Search Results !

අස්වීමේ සහතිකය ගන්න ඉස්කෝලෙට ගිය මහනුවර සිසුවියකට අනධ්‍යයන සේවකයෝ අමුතු තාලේ රැග් එකක් දීලා..

 

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා ජාතික පාසලක අධ්‍යාපනය ලද සිසුවියක් සිය අස්වීමේ සහතිකය ලබාගැනීමට පසුගිය 11 දින පාසලට ගිය අවස්ථාවේ විදුහල්පතිනිය නොමැති බව පවසමින් විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පැය ගණනක් ඇයව විදුහලේ රඳවා තබා ගනිමින් බැණ තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ මව ද විදුහල්පතිවරියකි. ඇය අස්වීමේ සහතිකය ලබාගැනීම පිණිස පසුගිය 11 දින පාසලට ගොස් ඇත්තේ මව සමඟිනි.


දියණිය ප්‍රමාද ඇයිදැයි විමසූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ද ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අද (14) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට මෙම සිසුවිය අස්වීමේ සහතිකය ලබාගැනීම සඳහා පාසලට ගොස් ඇත.

විදුහල්පතිනිය මංගල උත්සවයක් සඳහා සහභාගි වීමට කුරුණෑගල ප්‍රදේශයට ගොස් තිබෙන බැවින් වෙනත් දිනයක පැමිණෙන ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දැනුම් දුන් බවත් තම අවශ්‍යතාව දැනුම් දුන් විට ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපවසා පාසලෙන් පිටවන ලෙස දැනුම් දුන් බවත් සිසුවිය පවසයි.


අස්වීමේ ලිපිය ලබාදෙන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලීම් කළ අවස්ථාවේ ඔවුන් සිසුවියට තර්ජනය කරමින් ඇයට පාසලෙන් පිටතට ඒමට නොහැකි වන ලෙස ගේට්ටු වසාදමා ඇත.

පසුව ඒ පිළිබඳ ඇගේ මව සහ පියා මහනුවර පොලීසියටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරියටත් පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයටත් දැනුම් දී තිබේ.

පසුව නියෝජ්‍ය විදුහල්පතිනියගේ අත්සන සහිතව අස්වීමේ සහතිකය දියණිය වෙත ලබාදී තිබෙන බවත් මානසික රෝගී තත්ත්වයක් සඳහා කලක් ප්‍රතිකාර ලබාගත් ඇය මෙම සිදුවීමත් සමඟ යළිත් රෝගී වී සිටින බවත් සිසුවියගේ පියා ප්‍රකාශ කළේය.

 

ලංකාවේ බොරු ගණන් වලට වඩා තුන් ගුණයක් අඩුවෙන් බඩු ගන්න.. භාණ්ඩ තුනක් රුපියක් 50 ට අඩුවට ගන්න අදම මෙතන CLICK කරන්න.. 👇
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads