Type Here to Get Search Results !

ඉපදුණු හැටියේ බිළිඳා බිම වැටී මරුට..

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී  ප්‍රසූත කළ දරුවකු බිමට වැටී මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් අද වාර්තා වෙනවා.

මිහින්තලේ කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි ටී.ඒ.තක්ෂිලා උදයංගනී නැමැති කාන්තාව මෙම දරු ප්‍රසූත කර තිබෙනවා.

කල්ලංචිය ප්‍රාදේශීය රෝහලට  ඉකුත් ඇතුළත් ව ඇති මෙම මවගේ  රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමගම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා ප්‍රසූතියට සූදානම් කිරීම සඳහා සූතිකාගාරයට යොමු කර ඇත.

එහි දී දරුවා ප්‍රසූත කිරීමත් සමගම දරුවා ඇඳෙන් බිමට වැටී හිසට  තුවාල සිදුව ඇති බව උදයංගනී නැමැති කාන්තාව ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියා.

ඉකුත් දහතූන් වෙනි දින දහවල් වෙනතුරු එම රෝගී දරුවා විශේෂ ළදරු ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින උදෑසන ගොස් ඇත.

දරුවාගේ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍යවරයාගෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කළා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමග දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ සූතිකාගාරය තුළ එවැනි දෙයක් සිදු වී නැහැ ,වෙනත් ස්ථානයක දී එම කුඩා දරුවා වැටුණාද යන්න පිළිබඳව තොරතුරු සොයා බලන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads