Type Here to Get Search Results !

බස් ගාස්තු 20%කින් ඉහලට…?




 ඉන්ධන මත වැට් බද්ද ක්‍රියාත්මක වන දින පටන් බස් ගාස්තු, ත්‍රී රෝද රථ ගාස්තු, පාසල් ප්‍රවාහන රථ ගාස්තු ඇතුළු සියලු ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.


ඉන්ධන මත 18%ක වැට් බද්ද ජනවාරි මස සිට ක්‍රියාත්මක වීම සමග මෙම පියවර ගන්නා බව ප්‍රවාහන වෘත්තිය සංගම් සඳහන් කරති.


ඉන්ධන වලට අමතරව වාහන අමතර කොටස් වලටද වැට් බද්ද අදාල වීම හේතුවෙන් බස් ගාස්තු නැංවිය යුතු බව ජාතික ගමනාගමන කොමිසමෙන් ලිඛිතවම මේ වන විට බස් සංගම් විසින් ඉල්ලා තිබේ.


පවතින තත්වය මත අවම බස් ගාස්තුව රුපියල් දහයකින් හෝ වැඩි කිරීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද කියා සිටී.


එතැන් පටන් බස් ගාස්තුව 20%කින් පමණ ඉහළ යා යුතු බව සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads