Type Here to Get Search Results !

රට හැර ගිය දොස්තරලා නර්ස්ලා ආපසු පෝලිමේ ලංකාවට..


 විවිධ හේතූන් නිසා විදෙස්ගත වූ වෛද්‍යවරුන් හෙදියන් ඖෂධවේදීන් ආපසු මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කරයි.


රට යම් ස්ථාවරත්වයකට පැමිණීම, මෙරට ඇති නිදහස අන් රටවල නැතිවීම, ලංකාවට තිබෙන ආදරය ඇතුළු කරුණු හේතු කරගෙන මෙම පිරිස නැවත මෙරටට පැමිණීමෙන් ඇති බවද ඔහු පැවසීය.


විදේශ රටවල පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් පසුගිය කාලය තුළ පැවතියද එම තත්ත්වයද දැන් වෙනස්ව ඔවුන් මෙරටට පැමිණෙන බවද ඔහු පැවසීය.


මෙම තත්ත්වය නිසා වැසී යාමේ අවදානමක් පවතින පර්යන්ත රෝහල් වැසී යාමට නොදී ආරක්ෂා කර ගත හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads