අන්තර්වාර රජය මේ පියවර ගෙන ඇත්තේ ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය බිඳ වැටී මාසයකට වැඩි කාලයක් ගතවූවද එරට තැනින් තැන තවමත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම සැලකිල්ලට ගෙන බව ද වාර්තා වේ.
බංග්ලාදේශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිකුත් කරමින් අන්තර්වාර රජය හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමට බලය ලබා දී ඇත්තේ එරට අපරාධ නීතිය යටතේ බවත්, ඒ අනුව කොමිෂන් ලත් ඕනෑම හමුදා නිලධාරියකුට යම්කිසි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සහ සිරගත කිරීමට අවසර ඇති අතර, ආත්මාරක්ෂාව පිණිස වෙඩි තැබීමට ද හැකියාව පවතින බව වාර්තා වේ.
බංග්ලාදේශයේ හමුදාවට මෙවැනි බලයක් රජයෙන් ලබාදුන් පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
බංග්ලාදේශ පොලිසිය මෙතෙක් එරට සාමය හා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැති බවත්, කඩාකප්පාල්කාරී ක්‍රියා ඩකා අගනුවර ඇතුළු නගර රැසක සිදුවන බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.