Type Here to Get Search Results !

බංගලාදේශයට අන්තවාදී ප‍්‍රහාරයක්.. අඛණ්ඩ ඇදිරි නීතිය පනවයි..


 දකු­ණු­දිග බංග්ලා­දේ­ශයේ කග්රා­චරි දිස්ත්‍රි­ක්කයේ ආදි­වාසී ගම්මා­න­ය­කට 19 රාත්‍රී එල්ල වූ ප්‍රහා­ර­ය­කින් ආදි­වා­සීන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, තවත් 12 දෙනකු තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


අවි ගත් නාඳු­නන මැර කල්ලි­යක් පැමිණ මේ ප්‍රහා­රය එල්ල කර ඇති අතර, නිවාස රැස­කට ගිනි­ තබා විනාශ කර ඇතැයි ද වාර්තා වේ.


ඉස්ලාම් අන්ත­වාදී කණ්ඩා­ය­මක් මේ පහ­ර­දීම සිදු කළ බවත්, ඔවුන්ට හමු­දාවේ සහාය ලැබී තිබූ බවත් ආදි­වා­සීන් ප්‍රකාශ කර ඇති අතර, මේ වන ­විට එම දිස්ත්‍රි­ක්ක­යට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි ද වාර්තා වේ.


මිය ගිය පුද්ග­ල­යන් තිදෙ­නා­ටම වෙඩි ප්‍රහා­ර­යක් එල්ල වී ඇති අතර, ප්‍රහා­ර­යට හේතුව මෙතෙක් තහ­වුරු වී නැති බව වාර්තා වේ.


මේ වන විට කග්රා­චරි දිස්ත්‍රි­ක්කයේ සාමය ආරක්ෂා කිරී­මට හමු­දාව යොදවා ඇතැයි ද එරට මාධ්‍ය සඳ­හන් කළේය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads