Type Here to Get Search Results !

“වෛරය වැපිරීමට කිසිවෙකුට අයිතියක් නෑ” – ජනපති අනුර


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීමට හෝ සමාජය තුළ වෛරය වැපිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ, කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි පරිසරයක් සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවයි.

දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන් සහ අභ්‍යන්තර ගැටුම් පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කරමින් නැවත ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක රජයේ ක්‍රියාකලාපයන් සහ තීරණ ප්‍රශ්න කිරීමට ජනතාවට ඇති අයිතිය රජය පිළිගන්නා නමුත්, ජාතීන් අතර වෛරය ඇති කරන ප්‍රකාශ හෝ සමාජය තුළ වෛරය පැතිරවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම පසුගිය වසර දෙක තුළ රට තුළ ජාතිවාදී ගැටුම් ඇතිවීමට ඉඩ නොතැබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද අවධානය යොමු කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම, එම සිදුවීම් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීම, මුස්ලිම් ප්‍රජාවට අදාළ ගැටලු සහ සියලු ප්‍රජාවන්ට ජාතික මට්ටමේ ආයතන තුළ නිසි නියෝජනයක් ලබාදීම ඇතුළු කරුණු රැසක්ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads