නාමල් රාජපක්ෂ මහතා අද මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විදුහලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කලේය.
තම දරු දෙදෙනා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මේ වන විටත් තම බිරිඳ තම දරු දෙදෙනා සමග ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවත් ඔහු පැවසීය.
ඔ්නෑම අපහසු දේශපාලන තත්වයන් හමුවේ වුවද තමන් ශ්‍රී ලංකාව හැර යාමේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.
දරු දෙදෙනා බිරිඳගේ මව සමග රටින් පිටකළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙතෙම මේ බව පැවසුවේය.