Type Here to Get Search Results !

ලගම වංගුවේ ජම්පර ලෑස්තියි.. රාජපක්‍ෂලාට එරෙහි පරීක්‍ෂණ යලි ඇරඹේ..


 රාජපක්ෂ පාලනය සමයේ සිදුව ඇති සියලු දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශන යළි ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.


ඒ සමගම පසුගිය පාලන කාලවල ආන්දෝලනයට තුඩු දුන් සියලුම චෝදනා පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.


“ආණ්ඩුවට සති දෙකයි දැන් පරික්ෂණ පටන් අරගෙන තියෙන්නේ. සතුරෝ කලබල වෙලා තියෙනවා. අපි කියන්න ඕනේ කලබල වෙන්න එපා බැඳුම්කර වංචාව පිළිබඳව, පාස්කු ප්‍රහාරය පිළිබඳ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, දෙමළ තරුණයින් 11දෙනෙකු අතුරුදන් කිරීම, අසූචි පොහොර නැවට ගෙවීම, එයාබස් ගනුදෙනුව, මේ සිදුවීම්වලට අදාළ පරීක්ෂණ ආරම්භවෙලා තියෙනවා.


නාමල් රාජපක්ෂ හිතාගෙන ඉන්නවා අපිට උගන්ඩාව පෙන්වලා ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ පරික්ෂණ යට ගහයි කියලා, නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපි උගන්ඩාව දෙස බලාගෙන ඩුබායි ගිණුම්වල සල්ලි මාරුකරපු හැටි හොයන්නේ නැතුව ඉඳියි කියලා. රවී වෛද්‍යාලංකාර එකක් ඩීල්දාලා යට ගහපු ෆයිල් ටික අවුසන්නේ නැතුව ඉඳියි කියලා.


ඒ නිසා උගන්ඩාවේ ඉඳලා ප්ලේන් අරගෙන රාජපක්ෂලාගේ වෙඩින්වලට එනකොට ඒ අය ආවේ ගියේ කොහොමද කියන එක හොයනවා බලනවා. උගන්ඩාවේ විතරක් නොවෙයි මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයනවා. ඒ නිසා හොරු පෝලීමට කරපු හොරකම් ගැන පරික්ෂණ පවත්වන්න කටයුතු කරමින් තිබෙනවා.”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads