Type Here to Get Search Results !

මාලිමා රැසක් දියවන්නා සිහින බිදී නොසතුටින්.. ඉල්ලූ රැසකට නාමයෝජනා නෑ..


 ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට ජාතික ජන බලවේගයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට ඉතා ඉහළ තරගකාරීත්වයක් ඇති වී තිබේ.


මෙම තත්ත්වය මත අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිට නමුත් එය නොලැබෙන ඇතැමුන් සිත් රිදවාගෙන ඇත.


පසුගිය ජනාධිපතිවරණයටත් ඊට පෙරත් විශාල වශයෙන් වෙහෙස මහන්සියෙන් වැඩ කළ ඇතැමුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමටද බලාපොරොත්තුව ඇත.


නමුත් පක්ෂයකින් තරග කල හැකි අපේක්ෂකයන් ගණන නිශ්චිත වීමත් ලැබී ඇති ඉල්ලීම් ප්‍රමාණය ඉතා ඉහළ වීමත් මත බොහෝ දෙනෙකුට එම අවස්ථාව අහිමි වී තිබේ.


මෙම තත්ත්වය මත ඒ සම්බන්ධයෙන් නොසතුටින් පසුවන බොහෝ දෙනෙක් සිටින බවද දැනගන්නට තිබේ.


මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන සිකුරාදා (11) මධ්‍යහ්න 12.00 න් අවසන් වීමට නියමිතය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads