Type Here to Get Search Results !

රනිල් සිලින්ඩර ලයිස්තුවෙන් එවන්නේදැයි තීන්දුවක්..


 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සදහා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා හිටපු ඇමති රවී කරුණානායක මහතා පත් කිරීමට නියමිත ඇති බව වාර්තා වෙයි.


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව ඇති අතර ඔවුන්ද ඇතුළුව මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මෙම පෙරමුණ නියෝජනය කරයි.


ඔවුන්ගේ කණ්ඩායම් නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට නියමිතව ඇත.


මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා වන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්වෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නේ නැද්ද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණය කෙරුණු ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads