Type Here to Get Search Results !

පොලිස්පති දේශබන්දු රිමාන්ඩ් කෙරේ..


 මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.


ඔහුගේ ඇප ඉල්ලීම ගැන තීන්දුව හෙට දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවත් අධිකරණය සදහන් කලේය.


දින ගණනාවක් තිස්සේ සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට බාර මාතර අධිකරණයට ඉදිරිපත් වීම සදහා අද පෙරවරුවේ එහි පැමිණියේය.


ඒ ඔහුගේ ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.


මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වැටලීමක් අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මියාමේ සිදුවීමට අදාලව ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබින.


කෙසේ වෙනත් ඔහු හැර සෙසු නිලධාරීන් සියලු දෙනා මේ වන විට පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු කළේ නැත.


අදාළ නඩුවේ සැකකරුවන්ගෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පමණක් සැඟවී සිටි අතර ඔහුගේ පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමේ තත්ත්වය මත ඔහුට අධිකරණය හමුවේ භාරවීමට සිදු විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads