Type Here to Get Search Results !

අවුරුදු චාරිත‍්‍ර නොකලා යයි ජනපතිට ප‍්‍රශංසා කලේ නෑ..- අගරදගුරු ප‍්‍රකාශක


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අලුත් අවුරුදු චාරිත‍්‍ර නොකලේ යයි ප්‍රශංසා කළ බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.


කිතුනුවන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දුක් විඳීම සහ මරණය සමරන අවස්ථාවක කිසිවෙකු කිසිදු උත්සවයක නිරත නොවිය යුතු බවට පවසමින් අලුත් අවුරුද්ද චාරිත‍්‍ර නොකලේ යයි ජනාධිපතිවරයාට ප්‍රශංසා කළ බවට සමාජ මාධ්‍යවල සංසරණය වූ පුවතක් ගැන පියතුමා සඳහන් කළේය.


‘සමාජ මාධ්‍යවල සංසරණය වන අදහස මම කිසි විටෙකත් සිදු කර නෑ. ආගමික වෛරය ඇති කිරීම සඳහා මෙම සටහන සමාජ මාධ්‍ය හරහා පලකළ පාර්ශවය උත්සාහය කරන බව දකිනවා’ යයි ඔහු පැවසුවේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads