Type Here to Get Search Results !

“සිරි දළදා වන්දනාව” පෝලිම් පිරිලා.. හෙට, අනිද්දා එන්න එපා.. පොලිසිය දැනුම් දේ..


 “සිරි දළදා වන්දනාව” 2025.04.18 වන දින ආරම්භ කර 2025.04.23 වන අද දින පස්වන දිනටත් පැවැත්වේ.


සිරි දළදා වන්දනාව පැවැත්වෙන අද දින මේ වන විටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළඳා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම් වලට ඒකරාශීවී සිටිති.


එබැවින් 2025.04.24 වන හෙට දින සහ 2025.04.25 යන දෙදින තුළ ” සිරි දළදා වන්දනාව ‘ සිදු කර ගැනීම සඳහා ප්‍රමාණවත් බැතිමතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් බැතිමතුන් පැමිණීමක් සිදුවුවහොත් අලුතින් පැමිණෙන බැතිමතුන් හට වන්දනාමාන කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාව නොලැබී යා හැකිය.


එබැවින් ඉදිරි දෙදින තුළ “සිරි දළදා වන්දනාව ” සඳහා පැමිණීමෙන් වලකින ලෙසට බැතිමතුන්ගෙන් ශ්‍රී ලංකා පොලිසිය කාරුණිකව ඉල්ලා සිටියි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads