Type Here to Get Search Results !

දළදා ප්‍රදර්ශනයට දියවඩන නිලමේලා VIP පෝලිමක් හදලා..- මාලිමා මන්ත‍්‍රී


 දළදා ප්‍රදර්ශනය සඳහා දියවඩන නිලමේලා වෙනම පෝලිමක් සාදා ඇතුළු කරමින් සිටින බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.


මේ හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්වෙමින් ඇති බවද ඔහු පෙන්වා දෙයි.


ජාතික ජනබලවේග මැති ඇමතුරුන් සදහා ප්‍රභූ පෝලිම් කිසිවක් නැති බවද පවසන ඔහු නමුත් ප්‍රභූ පෝලිම් ඇති බවට සමාජ මාධ්‍යවලින් පින්තූර වීඩියෝ හුවමාරුවෙන නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වන බවද කියා සිටියි.


ඇතැම් තැන්වල තවමත් පරණ අප්පුහාමිලා සිටින බවටද ඔහු චෝදනා කළේය.


ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස්  පළ  කරන  ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads