එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කිහිප දෙනෙකු එළැඹෙන මෙම අප්‍රේල් 21 දා වන විට හෙළිදරව් කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය මාර්තු තිස් වැනිදා මාතර දෙයියන්දර ප්‍රදේශයේදී කියා සිටියේය.
“පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා.
බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න”
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ද මාධ්‍ය වෙත ඊට පසු සඳහන් කරන ලද්දේ අප්‍රේල් විසි එක්වෙන දින වෙන තෙක් ඉතා ඕනෑකමන් බලා සිටින බවත් නව රජයේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබා සිටින බවත්ය.
ඊට පෙර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සදහන් කර තිබුනේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් නව රජයෙන්ද සාධාරණයක් සිදු වන බවක් නොපෙනෙන බවත් එසේ වන්නේ නම් නව රජයටද එරෙහිව පාරට බැසීමට සිදුවන බවත්ය.
මේ අතර ඇමරිකානු ආයතනය විසින් එරට අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන් වූයේ ශ‍්‍රී ලංකාවේ එල්ල වූ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අන් කිසිවකු නොව සහරාන් හසීම් බවය.