Type Here to Get Search Results !

අද තියෙන්නෙ ජනතා විරෝධී ආණ්ඩුවක්.. මේක පච ආණ්ඩුවක්..

ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ලුණු ප්‍රමාණයවත් නිසියාකාරව සැපයිය නොහැකි ආණ්ඩුවක් ජනතාවට සෙත සලසන්නේ කෙසේද යැයි ගැටලුවක් ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ මීගමුව ආසන්නයේ, කොච්චිකඩේ කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.


එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,


වර්තමාන දේශපාලනය තුළ බොහෝ දෙනා ප්‍රකාශිත දේශපාලනය සහ ක්‍රියාත්මක දේශපාලනය අතර වෙනස අවබෝධ කර ගෙන නැහැ. දේශපාලන වේදිකාවේ පොරොන්දු දීම, ප්‍රකාශන නිකුත් කිරිම, නිවේදන නිකුත් කිරීම සිදු කරාට ඒවා කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනෙව ද කියා ගැටලුවක් මතුවෙනවා. විදුලි බිල පවා තුනෙන් එකකින් අඩු කරනවා කිව්වට අවසානයේ එකත් අඩු කරේ ජනතාවගේ බලපෑම මත.


ඉන්ධන මිල අඩු කරනවා කිව්වට ඒක කරේ නෑ. අද වන විට තියෙන්නෙ ජනතා විරෝධී ආණ්ඩුවක්. පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය භාණ්ඩවලට වැට් බදු ගහපු නිසා ඒවායේ මිල ඉහළ ගිහින්. ලුණු ටිකවත් හරියට සපයන්නවත් බැරි රජයක් ජනතාවට සෙත සලසන්නේ කොහොම ද…?


දුප්පත්කම තුරන් කරලා, ආර්ථික වර්ධනය කරලා රට දියුණු කරන්නේ කොහොම ද කියල මේ රජයට ගැටලුවක් මතුවෙලා. මේ ආණ්ඩුව රටත් ජනතාවත් රවටන පච ආණ්ඩුවක්. මොවුන් බොරු කීමෙන්, මුසාවෙන්, මුළාවෙන් ජනතාව ඇන්දවූ ආණ්ඩුවක්. සූර්ය බලය, ජල බලය, සුළං බලය ආදී අඩුම පිරිවැයක් වැයවන පුනර්ජනනීය බලශක්තියට මේ රජය කරන හානිය ඉතා විශාලයි.


මොවුන් විපක්ෂයේ සිටින විට පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියල කිව්වා. බලය ලබා ගත්තට පස්සෙ ඩීසල් මාෆියාවේ සිරිකරුවන් බවට පත්වෙලා. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ම පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.’’

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads