Type Here to Get Search Results !

චමින්දගේ විරෝධය කොට්ටාශය පැරදුන මල්ලිට මන්ත‍්‍රීකමක් ඉල්ලලා..


 සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ ආසන සංවිධායකධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු වුයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට සමගි ජනබලවේගයෙන් තරඟ කල ඔහුගේ සහෝදරයාට ලැයිස්තු මන්ත්‍රීධූරයක් නොලැබීම නිසා බව වාර්ථා වේ.


බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට තරඟ කල චමින්ද විජේසිරිගේ සහෝදරයා වන ලක්ශ්මන් විජේසිරි ඔහුගේ කොට්ඨාෂය පරාජයට පත්ව ඇති අතර ඔහු ලබාගත් ප්‍රතිශතය අනුව සිටින්නේ දෙවන ස්ථානයේය.


බණ්ඩාරවෙල නගර සභාවේ සමගි ජන බලවේගයට ලැයිස්තු මන්ත්‍රීධූර 3ක් පමණක් ලැබී ඇති අතර එයින් කාන්තා නියෝජනය හා තරුණ නියෝජනය සැලකිල්ලට ගත්විට පරාජයට පත්වූ අපේක්ෂකයන්ට ලබාදීමට හැකිව තිබෙන්නේ එක් මන්ත්‍රීධූරයකි.


මෙහිදී සමගි ජනබලවේගය තීරණය කර ඇත්තේ ප්‍රතිශතය අනුව මන්ත්‍රීධූර ලබාදීමට බැවින් වැඩිම ප්‍රතිශතයට හිමි මන්ත්‍රීධූරය හිමිවීමට අවස්ථාව ඇත්තේ නලින්ද විජයරත්න මහතාටය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads