Type Here to Get Search Results !

අද සුනාමියක්.. තීරණාත්මක දාසක්.. ජපන් වැසියන් බිය කළ අනාවැකිය මෙන්න..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

2025 ජූලි 05 වැනිදා, එනම් අද දිනය, ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය යොමු වූ දිනයක් බවට පත්ව ඇත.

ඒ, ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකම්පාවක් සහ විශාල සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට පළ වූ අනාවැකියක් හේතුවෙනි. මෙම අනාවැකිය ජපාන කාටූන් ශිල්පියෙකු වන රියෝ තට්සුකි විසින් 2021 දී නිර්මාණය කළ The Future I Saw (‘මා දුටු අනාගතය’) නම් කෘතියේ සඳහන් වේ.

එහි දැක්වෙන පරිදි, ජපානය සහ පිලිපීනය අතර සාගර පතුලේ බිඳීයාමක් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය ඇති වන අතර, එය 2011 ජපාන සුනාමියට වඩා තුන් ගුණයකින් විශාල විය හැකි බව සඳහන්ය.

මෙම අනාවැකිය ජපානය, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහකට ලක්ව ඇති අතර, ජනතාව අතර බියක් සහ නොසන්සුන් බවක් ඇති කර තිබේ.

මෙවන් පසුබිමක, දකුණු ජපානයේ තොකෝරා දූපතේ ජූනි 21 වැනිදා රික්ටර් මාපකයේ ඒකක 5.5ක භූකම්පනයක් හටගත් අතර, ඉන් පසු ගෙවුණු දෙසතියක කාලය තුළ එම දූපත පසුකම්පන 900කට වැඩි සංඛ්‍යාවකට මුහුණ දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads