Type Here to Get Search Results !

බදු ඉහළ යාමෙන් 2022 සිට 2025 දක්වා දුම්වැටි නිෂ්පාදනය 32%කින් පහළට - නි.අමාත්‍ය නිශාන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

2022 වසරේ සිට මේ දක්වා දුම්වැටි මත පනවන ලද බදු සංශෝධනවල බලපෑම හේතුවෙන්, 2025 වසර වන විට මෙරට දුම්වැටි නිෂ්පාදනය 32%කින් පහත වැටි තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2022 වසරේදී බිලියන 2.8ක් ලෙස පැවති දුම්වැටි නිෂ්පාදනය, බදු ප්‍රතිපත්තිවල බලපෑම නිසා 2025 වසර වන විට බිලියන 1.9 දක්වා අඩුවී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම රජයේ ආදායම් උත්පාදනයට අමතරව, දුම්කොළ භාවිතයෙන් පැනනගින සෞඛ්‍ය සේවා වියදම් සහ අනෙකුත් සමාජ-ආර්ථික අහිතකර බලපෑම් පාලනය කර ගැනීම මෙම බදු ප්‍රතිපත්තියේ මූලික අරමුණ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

2023 වසරේ සිට මේ දක්වා නිෂ්පාදන බදු අවස්ථා 4ක්, එකතු කළ අගය මත බදු (VAT) සහ සංස්ථාපිත ආදායම් බදු සංශෝධනය කර ඇත.

2023 ජනවාරි 01 සහ ජූලි 01 යන දිනවල 20% බැගින්ද, 2024 ජනවාරි 01 දින උද්ධමන දර්ශක යාන්ත්‍රනය යටතේ 14%කින්ද, 2025 ජනවාරි 11 දින 5.9%කින්ද නිෂ්පාදන බදු ඉහළ නංවා ඇත.

2024 ජනවාරි 01 දින එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වා වැඩි වූ අතර, 2025 අප්‍රේල් 01 දින සංස්ථාපිත ආදායම් බද්ද 40% සිට 45% දක්වා ඉහළ නංවා තිබේ.

දුම්වැටියක් මත අය කෙරෙන බදු ප්‍රමාණය (2025 ජනවාරි 11 සිට)

මිලිමීටර් 72 - 84 දක්වා: රුපියල් 109.95යි.

මිලිමීටර් 67 - 72 දක්වා: රුපියල් 95.88යි.

මිලිමීටර් 60 - 67 දක්වා: රුපියල් 69.15යි.

මිලිමීටර් 60 නොයික්මවන ඒවා: රුපියල් 26.59යි.

බදු ඉහළ යාම හරහා සෘජු හා වක්‍ර බදු ආදායම් ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර, එය ජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට මෙන්ම රජයේ ආදායම් කළමනාකරණයට ද දායක වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads