Type Here to Get Search Results !

ජනපතිට කැමති කෙනෙක් අගවිනිසුරු කරන්න පුළුවන්..- ලක්මාලි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පවතින නීතිමය රාමුව තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තමන් කැමති පුද්ගලයෙකු අගවිනිසුරු ධුරයට පත් කරගැනීමේ හැකියාව පැවතියද, ඔහු ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගනිමින් වත්මන් අගවිනිසුරුවරයා පත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කළේ, වත්මන් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් විපක්ෂය නිරන්තරයෙන් විවිධ මත පළ කරන බැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි.

වත්මන් පාලනාධිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට හෝ මහාධිකරණයට කිසිදු විනිසුරුවරයෙකු පෞද්ගලික කැමැත්ත මත පත් කර නොමැති බව ඇය අවධාරණය කළාය.

අතීතයේ ජේ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් තමන්ට රුචි විනිසුරුවරුන් අධිකරණ පද්ධතියේ ඉහළ තනතුරුවලට පත් කරගත් අවස්ථා ඉතිහාසයේ ඕනෑතරම් පවතින බව මන්ත්‍රීවරිය මෙහිදී සිහිපත් කළාය.

විශේෂයෙන්ම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කර තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු පත් කරගත් ආකාරය පිළිබඳව ද ඇය කරුණු දැක්වූවාය.

එවැනි පසුබිමක, වත්මන් ජනාධිපතිවරයාට ද තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු පත් කරගැනීමේ නීතිමය අවකාශය තිබියදීත්, ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම්ව මෙම පත්කිරීම සිදුකර ඇති බව ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads