Type Here to Get Search Results !

අපි ආවෙ අවුරුදු දහයෙන් යන්න නෙවෙයි.. නඩු ටික අහල ඉවර වෙද්දි යන්න වේද දන්නෙත් නෑ.. - වසන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වත්මන් රජය බලයට පත්වූයේ කෙටි කාලයකින් ඉවත් වීමට නොව, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් රට නිවැරදි මාවතකට යොමු කිරීමට බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව අද දෙරණ පුවත් සේවය වාර්තා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 4000කට අධික මුදලක් අයවැය මගින් වෙන් කර ඇති බවයි.

එමෙන්ම පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් නැංවීම සඳහා අවශ්‍ය ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර ඇතුළු උපකරණ ලබා දීමට ද රජය සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.

රජය විසින් ඩොලර් කෝටි 500ක ණය වාරික ගෙවා ඇති අතර මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 670 දක්වා ඉහළ නංවා ඇති බවයි.

එමෙන්ම රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ලක්ෂයකට අධික පිරිසක් විනිවිදභාවයකින් යුත් තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ හරහා බඳවා ගැනීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.

අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත්, එමගින් නඩු කටයුතු කඩිනම් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දූෂණ විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, "අපි ආණ්ඩුවක් ගත්තේ අවුරුදු 5කින් 10කින් දීලා යන්න නෙමෙයි. හොරකම් කරපු අයට එරෙහිව පවතින නඩු ටික අහලා ඉවර වෙද්දී අපිට යන්න වෙයිද දන්නෙත් නෑ" යනුවෙනි.

හිටපු නායකයන්ට පවා අධිකරණය හමුවට යාමට සිදුව ඇත්තේ රජය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන නිසා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads